Posts

Showing posts with the label බුද්ධි පරීක්ෂණ ගැටළු

IQ Sinhala : මල්ලක තියන බෝල ගණන හරියටම කියමු

Image
ගැටලුව මල්ලක තිබූ බෝල වලින් බෝල 12 ක් හැර ඉතිරිවා නිල් පාටය. බෝල 12 ක් හැර ඉතිරිවා කොල පාටය. බෝල 12ක් හැර ඉතිරිවා රතු පාටය. බෝල 12ක් හැර ඉතිරිවා කහ පාටය. මල්ලේ තිබුණේ බෝල වර්ග 4ක් පමණක් නම් මල්ලේ තිබූ මුළු බෝල ගණන කීයද? එක් පාටින් තිබූ බෝල ගණන කීයද? මේ වගේ ගැටලුවක් විසඳන ආකාරය අපි බලමු ගැටලුව විසඳීමේ පියවර පියවර 1 මේ මල්ලෙ තියෙන්නෙ බෝල වර්ග 4 යි. ඒ නිසා x = නිල් බෝල ගණන + කොල බෝල ගණන + රතු  බෝල ගණන +කහ බෝල ගණන පියවර 2 නිල් කොල රතු කහ පාටවලින් තියන බෝල වර්ගවල එකතුව x කියල හිතුවොත් මේ විදියට සමීකරණ 4 ත් ගන්න පුළුවන්  නිල් බෝල ගණන = x - 12 යි,  ඒ කියන්නෙ මුළු බෝල ගණනින්  12 ක් අඩු කරාම නිල් බෝල ගණන ලැබෙනවා., කොල බෝල ගණන = x - 12 යි, මුළු බෝල ගණනින්  12 ක් අඩු කරාම කොල බෝල ගණන ලැබෙනවා, රතු  බෝල ගණන = x - 12 යි, මුළු බෝල ගණනින්  12 ක් අඩු කරාම රතු බෝල ගණන ලැබෙනවා, කහ බෝල ගණන = x - 12 යි, මුළු බෝල ගණනින්  12 ක් අඩු කරාම කහ බෝල ගණන ලැබෙනවා පියවර 3 මේ සමීකරණ 4 ම එකතු කලාම  නිල් බෝල ගණන + කොල බෝල ගණන + රතු  බෝල ගණන...

IQ Sinhala : දුර වේගය සහ කාලය සම්බන්ධ ගැටලු විසඳිම

Image
දුර වේගය සහ කාලය සම්බන්ධ ගැටළු විසදීමට අවශ්‍ය මූලික කරුණු ටික මුලින් බලමු සමීකරණ තිකෝණය සමීකරණ වලට අවශ්‍ය මූලික කරුණු සමීකරණ ත්‍රිකෝණය දුර වේගය කාලය අතරෙ සම්බන්ධයක් තියනවා මේ සම්බන්ධය අපිට පහත ත්‍රිකෝණය ආකාරයෙන් මතක තබාගන්න පුළුවන්. සමහරු මේක රවුමක් ඇතුලෙත් අඳිනවා. මේ ක්‍රමයට සූත්‍ර එහෙම නැත්නම් සමීකරණ තුනක් එක සැරේට මතක තියාගන්න පුළුවන්. සමීකරණ ත්‍රිකෝණය මේ ත්‍රිකෝණයෙන් දැක්වෙන්නෙ, දුර ගණනය කිරීමට වේගය කාලයෙන් ගුණ කලයුතු බවත්, වේගය ගණනය කිරීමට දුර කාලයෙන් බෙදිය යුතු බවත්, කාලය ගණනය කිරීමට දුර වේගයෙන් බෙදිය යුතු බවත් ය. ඕනම තරඟ විභාගයකදී ගැටලුව හදන්න කලින් මේ ත්‍රිකෝණය  ඇඳගන්න පුළුවන් නම් ඕනම ගැටලුවක් විසදීම ලේසි වෙනවා.  සමීකරණ වලට අවශ්‍ය මූලික කරුණු ඊලගට අපි දුර වේගය හා කාලය ආදේශ කරන සමීකරණ වල මූලික කරුණු බලමු. පොදු මිනුම් එකකයක් තිබිය යුතු බව කාලය සම්බන්ධ වෙනකොට ගැටලු ලැබෙන ක්‍රම අනුව අපිට මුලින්ම එකම මිනුම් ඒකකයක් භදාගන්න වෙනවා ගැටලු විසඳීමට, උදාහරණයක් විදියට පැයට කිලෝමීටර් වලින් වේගය ලබාදුන්නොත් කා...

අවුරුදු 400 න් 400ට අතිරේක දින ගණන 0 ක් වෙන අයුරු

Image
අවුරුදු 100කට අධික අවුරුදු කීයද? හිතන්න ක්‍රිස්තු වර්ෂ 1 ඉදන් 100 වෙනකම් කාලයට අතිරේක දින තියෙන්නෙ 5 යි මේ කාලයට අධික අවුරුදු තියෙන්නෙ 24 යි. ඉතින් අතිරේක දින සංකල්පය අනුව  මේ හැම අධික අවුරුද්දකටම දින 2 බැගින් අධික  අවුරුදුවලට අතිරේක දවස් 48 යි. සාමාන්‍ය අවුරුද්දකට අතිරේක දින 1 බැගින් අතිරේක දින 76 මුළු අතිරේක දින ගණන 124 යි. මේ මුළු අතිරේක දවස් ගණන ආපහු 7න් බෙදල ගත්තම ඉතිරි වෙන්නෙ 5 යි. මේක පැටලෙන්න පුළුවන් එකම තැන තමයි 100 කියන්නෙ අධික අවුරුද්දක් ද නැද්ද කියල නිගමනය කරන්න බැරී වීම, 100 කියන්නෙ සාමාන්‍ය  අවුුරුද්දක්. ඒ 100 400න් බෙදෙන්නෙ නැති නිසා. අවුරුදු 200කට අධික  අවුරුදු කීයද? ක්‍රිස්තු වර්ෂ 1 ඉදන් 200 වෙනකම් කාලය ගැන හිතුවොත් අතිරේක දින තියෙන්නෙ 3 යි එක කෙටි ක්‍රමයට හිතුවොත් අවුරුදු 100 ට 5 ඒ නිසා 200ට දහයයි. 10 න් බෙදුවම ඉතිරි තුනයි ඒ නිසා අතිරේක දින 3 යි කියල ගන්නත් පුළුවන්. නැත්නම් දීර්ග ක්‍රමයට හිතුවොත් අවුරුදු 200 ඇතුලේ අධික අවුරුදු 48 යි සාමාන්‍ය   අවුරුදු ඉතුරු ටික ඒ කියන්නෙ 152ක්.  ඒ නිසා අතිරේක දවස් මුලු ගණන 248යි 248 7න් බෙදුවම ඉතිරි ව...

IQ සිංහල : කැලැන්ඩරය නැතුව දවස කියන හැටි

Image
කැලැන්ඩරය නැතුව දවස කියන හැටි ඔබ බුද්ධි පරීක්ෂණ තරඟ විභාගයකට මුහුණ දුන් කෙනෙක් නම් ඔබ දන්නවා දින ගැටලු ගොඩක් ජනප්‍රිය මාතෘකාවක්. මේ වගේ දින ගැටලු වලදි නිතර අහන දෙයක් තමයි. යම් නිශ්චිත දිනයක් දීල ඒ දිනය සතියේ මොන දවස ද කියල නිගමනය කරන්න දෙන එක. බොහෝ විට ගොඩක් දින හොයන ක්‍රම සංකීර්ණ යි. මතක තබා ගත යුතු දේ වැඩියි.  ඔයාට ලේසියෙන්ම මේ වගේ ගැටලුවක් විසඳගන්න ක්‍රමයක් තියනවා. ඒ තමයි අතිරේක දින සංකල්පය ඉගන ගැනීම. අතිරේක දින සංකල්පය කියන්නෙ මොකද්ද ? අධික අවුරුද්දක් හඳුනා ගන්නෙ කොහොමද ? මේ ක්‍රමයට දවස හොයන පියවර මොනවාද ? 2023 අප්‍රේල් 12 කවර දවසක්ද කියල සොයාගන්න ආකාරය?  මාස වලට අදාලව අතිරේක දවස් ගණනය කිරීම    අතිරේක දින සංකල්පය කියන්නෙ මොකද්ද ? මේ සංකල්පය තුලින් අපිට පුළුවන්. මේක අලුත් දෙයක් නෙමි. බොහෝ දින හොයන කෙටි ක්‍රම වලට පදනම් වෙලා තියෙන්නෙත් මේ සංකල්පය මයි.  ඕනෑම දින ගණනක් 7න් බෙදුවම ඉතිරි වන අගය මත තමයි මේ සංකල්පයේදි දිනය තීරණය ...

අධික අවුරුද්දක් හඳුනාගැනීම

අධික අවුරුද්දක් හඳුනාගන්න හරිම ලේසියි. අධික අවුරුද්දක් කියන්නෙ කියන්නෙ සෑම අවුරුදු 4කටම වරක් එන අවුරුදු කියල ඒක එක කාරණාවක් විතරයි. සෑම අවුරුදු 4කටම සැරයක් හැම අවුරුද්දක්ම අධික අවුරුද්දක් නෙමෙයි උදාහරණයකට කිස්තු වර්ෂ 1900 කියන්නෙ අධික අවුරුද්දක් නෙමෙයි. අධික අවුරුද්දක් වෙන්න කාරණා දෙකක් සම්පූර්ණ විය යුුතුයි. 1. සෑම අවුරුදු 100 කට වරක් එන අවුරුදු ඒ කියන්නෙ කිස්තු වර්ෂ 100 ඉදල, 100,200,300 ආදි වශයෙන් එන අවුරුදු අධික අවුරුදු වෙන්නෙ 400න් බෙදුවම ඉතිරි නැතුව බෙදෙනව නම් විතරයි උදාහරණයක් ගත්තොත් කිස්තු වර්ෂ 1900 අධික අවුරුද්දක් නෙමෙයි.  ක්‍රිස්තු වර්ෂ 2100ත් අධික අවුරුද්දක් නෙමෙයි. මේ විදියට මෙතෙක් අධික අවුරුද්දක් වුනේ ක්‍රිස්තු වර්ෂ 400,800,1200,1600,2000 කියන අවුරුදු 5 විතරයි. ඉතුරු හැම අවුරුද්දක්ම අධීක අවුරුද්දක් වුනේ නැහැ. ඊලග මේ වගේ අධික අවුරුද්ද කිස්තු වර්ෂ 2400 තමයි. 2. අනික් කාරණාව තමයි ඉහත වගේ 100 ගුණාකාර වන අවුරුදු හැරුණම තියන අනික් අවුරුදු මේ හැම එකක්ම 4 න් ඉතිරිනැතුව බෙදෙනව නම් තමයි අධික අවුරුද්දක් වෙන්නෙ. මේ හැම අධික අවුරුද්දක ම විශේෂත්වය තමයි පෙබරවාරි මාසෙ අගට නව දිනයක් එකතු...

IQ Sinhalen : Kalandaraya nathuwa hariyatama dawasa kiyana hati /Tell da...

Image
  කැලැන්ඩරය නැතුව හරියටම දවස කියන්න මේ වීඩියෝ එක බලන්න තරඟ විභාග ගැටලු විසඳන වීඩියෝ චැනල් එක  ඔබත් අදම subscribe කරන්න.