IQ සිංහල : කැලැන්ඩරය නැතුව දවස කියන හැටි
කැලැන්ඩරය නැතුව දවස කියන හැටි
ඔබ බුද්ධි පරීක්ෂණ තරඟ විභාගයකට මුහුණ දුන් කෙනෙක් නම් ඔබ දන්නවා දින ගැටලු ගොඩක් ජනප්‍රිය මාතෘකාවක්. මේ වගේ දින ගැටලු වලදි නිතර අහන දෙයක් තමයි. යම් නිශ්චිත දිනයක් දීල ඒ දිනය සතියේ මොන දවස ද කියල නිගමනය කරන්න දෙන එක.
බොහෝ විට ගොඩක් දින හොයන ක්‍රම සංකීර්ණ යි. මතක තබා ගත යුතු දේ වැඩියි. ඔයාට ලේසියෙන්ම මේ වගේ ගැටලුවක් විසඳගන්න ක්‍රමයක් තියනවා. ඒ තමයි අතිරේක දින සංකල්පය ඉගන ගැනීම.
අතිරේක දින සංකල්පය කියන්නෙ මොකද්ද ?
මේ සංකල්පය තුලින් අපිට පුළුවන්. මේක අලුත් දෙයක් නෙමි. බොහෝ දින හොයන කෙටි ක්‍රම වලට පදනම් වෙලා තියෙන්නෙත් මේ සංකල්පය මයි.
ඕනෑම දින ගණනක් 7න් බෙදුවම ඉතිරි වන අගය මත තමයි මේ සංකල්පයේදි දිනය තීරණය කරන්නෙ. ඕනෑම අගයක් 7න් බෙදුවම ඉතිරිවෙන්නේ නෑ එහෙම නැත්නම් 1,2,3,4.5 හෝ 6 ක් ඉතිරි වෙනවා. මේ කාරණාව මත පදනම් වෙලා තමයි දිනය තීරණය කරන්නෙ.
ඕනෑම ඉලක්කමක් 7 න් බෙදුවම ලැබෙන අගය 0 ක් නම් ඉරිදා දිනයක් ලෙස සලකනවා. ඒ කියන්නෙ 7න් බෙදෙන ඕනම දිනයක් ඉරිදා දවසක්.
1 ඉතිරි නම් සඳුදා දවසක්, 2 ඉතිරි නම් අඟහරුවාදා දවසක් ආදී වශයෙන් දවස් 7 තිරණය වෙන්නෙ.
දවස තීරණය කරන ආකාරය
- 0 නම් ඉරිදා
- 1 නම් සඳුදා
- 2 නම් අඟහරුවාදා
- 3 නම් බදාදා
- 4 නම් බ්‍රහස්පතින්දා
- 5 නම් සිකුරාදා
- 6 නම් ඉරිදා
මතක තබාගන්න ඕනි එක දෙයයි. ඉරිදා අගය 0යි කියන එක විතරයි.
ඊලගට අධික අවුරුද්දක දී පෙබරවාරි මාසෙට අලුතින් දිනයක් එකතුවෙනවා කියන එක දැනගෙන සිටිය යුතුයි. ඒ වගේම අධීක අවුරුදු හඳුනාගන්නා ආකාරය දැනගෙන ඉන්න ඕන.
අධික අවුරුද්දක් හඳුනා ගන්නෙ කොහොමද ?
යම් අවුරුද්දක් 100 ගුණාකාර වලින් යෙදෙනව නම් එම අවුරුදු 400 න් ඉතිරි නැතුව බෙදෙනවා නම් ඒක අධික අවුරුද්දක්.
ඒ වගේම අනෙක් සියලුම අවුරුදු 4න් බෙදූ විට ඉතිරි නැතිව බෙදෙනවා නම් අධික අවුරුද්දක්. අවුරුදු අධික අවුරුදු විදියට තමයි සලකන්නෙ.
ඉතින් ලෝකයේ කැලැන්ඩරය නිර්මාණයෙන් පසු ආරම්භ උන පළවෙනි අවුරුද්දෙ ඉදල මේ වෙනකම් අවුරුදු 400න් 400ට මේ අතිරේක දින ගණන සමාන වෙනවා. මේ රටාව අනුව අපිට ඕනම දිනයක් කියන්න කැලැන්ඩරය ඕන වෙන්නෙ නෑ.
අපි යම් වර්ෂයක් ආරම්භ වෙනකොට තියන අතිරේක දවස් ගණන දැනගත්තොත් අපිට ඒ අවුරුද්දෙ යම් දිනයක් දක්වා වන අතිරේක දවස් ගණන හොයාගන්න පුළුවන්.
ඒකට කරන්න තියෙන්නෙ.
මේ ක්‍රමයට දවස හොයන පියවර මොනවාද ?
යම් අදාල දිනය වෙනකම් තියන මුළු අතිරේක දවස් ගණන 7න් බෙදල ඉතුරු ගණන සොයන එක විතරයි.
මේක පියවර දෙකකට කරන එක හරිම ලේසියි.
1 වන පියවර විදියට
අවුරුදු වලට අදාලව අතිරේක දින ගණන හොයන්න
දෙවන පියවර විදියට
ඒ අදාල දිනය අවුරුද්දේ ඒ දවස වෙනකම් තියන මාස වලට අදාල අතිරේක දින ගණන ලබාගන්න
මේ දෙක එකතු කරල 7න් බෙදල ලැබෙන අගය අනුව දිනය කියන්න
2023 අප්‍රේල් 12 කවර දවසක්ද කියල සොයාගන්න ආකාරය?
අවුරුදු වලට අදාල අතිරේක දින ගණන සෙවීම
අපි උදාහරණය කින් බැලුවොත් අපිට 2023 අප්‍රේල් 12 කවදද කියල හොයන්න ඕන නම්
2022 දෙසැම්බර් වෙනකම් තියන අවුරුදු 2022ට අදාල අතිරේක දවස් ගණන සොයල 2023 අවුරුද්දෙ අප්‍රේල් 12 වෙනකම් තියන අතිරේක දවස් ගණන එකතු කරල 7න් බෙදුවම දවස කියන්න පුළුවන්.
2022 දෙසැම්බර් වෙනකම් තියන අතිරේක දවස් ගණන හොයන විට අපි දන්න දෙයක් තමයි සෑම අවුරුදු 400කට ම අතිරේක දවස් ගණන 0ක් වෙනවා කියන එක. මේ විදියට සෑම අවුරුදු 100කටම අතිරේක දවස් 5 යි.සෑම අවුරුදු 200කටම අතිරේක දවස් 3 යි. සෑම අවුරුදු 300කටම අතිරේක දවස් 1 යි.
අවුරුදු 400න් 400ට අතිරේක දින ගණන 0ක් වෙන අයුරු
ඒ නිසා 2000 වෙද්දි අතිරේක දවස් ගණන 0 යි. 2000 ඉදල 2021 වෙනකම් අතිරේක දවස් ගණන හොයාගන්න ඕන.
හැම සාමාන්‍ය අවුරුද්දකටම අතිරේක දවස් ගණන 1 යි
හැම අධික අවුරුද්දකටම අතිරේක දවස් ගණන 2යි
ඒ විදියට ගත්තම 2000 ඉදල 2022 වෙන කම් අවුරුදු 22ට අධික අවුරුදු 5 යි සාමාන්‍ය අවුරුදු 17 ඒ නිසා මුළු අතිරේක දවස් ගණන 5*2+17 = 27 යි. මේ ගණන 7න් බෙදන්න. ඉතිරි වෙන ගණන 6 යි.
ඒ කියන්නෙ 2022 දෙසැම්බර් 31 වෙනකොට අතිරේක දවස් ගණන 6 යි. මේ අගය පදනම් කරගෙන 2023 අවුරුද්දේ ඕනෑම දවසක් හොයන්න පුළුවන්.
දිනය සොයන වර්ෂයේ මාස හා දින වලට අදාල අතිරේක දින ගණන සෙවීම
අපි හොයන්නෙ 2023 අප්‍රේල් 12 නිසා
අප්‍රේල් 12 වෙන කම් තියන අතිරේක දින ගණන සොයා ගන්න. එක එක මාසයට තියන අතිරේක දවස් ගණන එකතු කරන්න
ජනවාරි වලට 3 යි
පෙබරවාරි වලට 0 යි (2023 සාමාන්‍ය අවුරුද්දක්)
මාර්තු වලට 3 යි
අප්‍රේල් වලට 5 යි
මෙහෙම එකතු කරාම අතිරේක දින ගණන එකතුව 12 යි. ඒ ගණන 7 න් බෙදුවම ඉතිරි 4 යි
අවුරුද්ද මුලට අතිරේක දවස් 6 යි අප්‍රේල් 12 වෙනකම් අතිරේක දවස් 4 යි එකතුව 11 යි ඒක 7 න් බෙදුවම ඉතිරි 3 යි
ඉතිරි 3 කියන්නෙ බදාදා දවසක්
මාස වලට අදාලව අතිරේක දවස් ගණනය කිරීම
මේ වගේ මාසවලට අදාල අතිරේක දවස් ගණන ලබාගත්තෙ අදාල මාසෙ දින ගණන 7න් බෙදල ඉතිරි ගණන තමයි ඒ ඒ මාසෙ අතිරේක දින ගණන වෙන්නෙ
ජනවාරි මාර්තු මැයි ජූලි අගෝස්තු ඔක්තෝබර් දෙසැම්බර් මාස වල දින 31 යි අතිරේක දවස් 3 යි.
අප්‍රේල් ජුනි සැප්තැම්බර් නොවැම්බර් මාසවලට දින 30 යි අතිරේක දවස් 2 යි
සාමාන්‍ය අවුරුද්දක පෙබරවාරි මාසයට දින 28 යි අතිරේක දවස් 0 යි
අධික අවුරුද්දක දි පෙබරවාරි මාසයට දින 29 යි අතිරේක දවස් 1 යි.
මේ විදියට ඉතාම ඉක්මනින් දවසට අදාල අතිරේක දින ගණන ගණනය කලාම අවුරුද්දෙ ඕනම දිනයකට අදාලව ඉතා ඉක්මනින් දවස කියන්න පුළුවන්. කැලැන්ඩරය අවශ්‍ය වෙන්නෙ නෑ.
මේ ගැන වැඩිදුරටත් ඉගන ගන්න පහත වීඩියෝ එක බලන්න.

Comments
Post a Comment