IQ Sinhala : මල්ලක තියන බෝල ගණන හරියටම කියමු

ගැටලුව

මල්ලක තිබූ බෝල වලින් බෝල 12 ක් හැර ඉතිරිවා නිල් පාටය. බෝල 12 ක් හැර ඉතිරිවා කොල පාටය. බෝල 12ක් හැර ඉතිරිවා රතු පාටය. බෝල 12ක් හැර ඉතිරිවා කහ පාටය. මල්ලේ තිබුණේ බෝල වර්ග 4ක් පමණක් නම් මල්ලේ තිබූ මුළු බෝල ගණන කීයද? එක් පාටින් තිබූ බෝල ගණන කීයද?

මේ වගේ ගැටලුවක් විසඳන ආකාරය අපි බලමු

ගැටලුව විසඳීමේ පියවර

පියවර 1

මේ මල්ලෙ තියෙන්නෙ බෝල වර්ග 4 යි. ඒ නිසා

x = නිල් බෝල ගණන + කොල බෝල ගණන + රතු  බෝල ගණන +කහ බෝල ගණන

පියවර 2

නිල් කොල රතු කහ පාටවලින් තියන බෝල වර්ගවල එකතුව x කියල හිතුවොත් මේ විදියට සමීකරණ 4 ත් ගන්න පුළුවන් 

නිල් බෝල ගණන = x - 12 යි,  ඒ කියන්නෙ මුළු බෝල ගණනින්  12 ක් අඩු කරාම නිල් බෝල ගණන ලැබෙනවා.,

කොල බෝල ගණන = x - 12 යි, මුළු බෝල ගණනින්  12 ක් අඩු කරාම කොල බෝල ගණන ලැබෙනවා,

රතු  බෝල ගණන = x - 12 යි, මුළු බෝල ගණනින්  12 ක් අඩු කරාම රතු බෝල ගණන ලැබෙනවා,

කහ බෝල ගණන = x - 12 යි, මුළු බෝල ගණනින්  12 ක් අඩු කරාම කහ බෝල ගණන ලැබෙනවා

පියවර 3

මේ සමීකරණ 4 ම එකතු කලාම 

නිල් බෝල ගණන + කොල බෝල ගණන + රතු  බෝල ගණන +කහ බෝල ගණන = (x-12) + (x-12) + (x-12)+(x-12)

දකුණු පැත්තෙ නිල් බෝල , කොල බෝල, රතු බෝල, කහ බෝල ගණන කියන්නෙ මුළු බෝල ගණනට සමාන වෙනවා ඒ කියන්නෙ ඒක x වලට සමාන වෙනවා.

වම් පැත්ත එකතු කලාම 4x -48 යි කියල එනවා.

එතකොට සමීකරණය වෙන්නෙ 

 x = 4x - 48

පියවර 4 

මේ සමීකරණය සුළු කළාම

3x = 48 

ඒ නිසා 

x = 16 

මුළු බෝල ගණන 16 යි. 

පියවර 5

ඒ අනුව හැම වර්ගයකය බෝග ගණන හොයාගන්න පුළුවන්.

නිල් බෝල, කොල බෝල, රතු බෝල, කහ බෝල ගණන 4 බැගින් තියනවා.

කෙටි ක්‍රමය

මේ ක්‍රමයට අනුව තව කෙටි ක්‍රමයක් හදාගෙන තියනවා. මුළු බෝග වර්ග ගණනින් එකක් අඩුකරල ඉතිරි බෝල ගණනින් බෙදුවම එක් එක් වර්ගයේ බෝල ගණන හොයාගන්න.

උදාහරණය විදියට බැලුවොත් 

පියවර 1

බෝල වර්ග 4 යි. මේ ගණනින් 1ක් අඩුකරාම 3 යි.

පියවර 2

ඕනම පාටකින් ඉතිරි බෝල ගණන 12 නිසා මේ ගණන 3 න් බෙදුවම එක පාටක බෝල ගණන ලැබෙනවා.

මේ විදියට ලැබෙන උත්තරය 4 යි. 

පියවර 3

ඒ නිසා මුළු බෝල ගණන 16 යි  (එක පාටකින්කි 4 පාට 4න්ම එකතුව 16) කියල ගන්න පුළුවන්.

  

මේ වගේ තව ගැටලු විසඳන ආකාරය දැනගන්න මේ වීඩියෝ එක බලන්න.

Comments

Popular posts from this blog

අධික අවුරුද්දක් හඳුනාගැනීම