අවුරුදු 400 න් 400ට අතිරේක දින ගණන 0 ක් වෙන අයුරු

අවුරුදු 100කට අධික අවුරුදු කීයද?


හිතන්න ක්‍රිස්තු වර්ෂ 1 ඉදන් 100 වෙනකම් කාලයට අතිරේක දින තියෙන්නෙ 5 යි

මේ කාලයට අධික අවුරුදු තියෙන්නෙ 24 යි.


ඉතින් අතිරේක දින සංකල්පය අනුව 

මේ හැම අධික අවුරුද්දකටම දින 2 බැගින් අධික  අවුරුදුවලට අතිරේක දවස් 48 යි. සාමාන්‍ය අවුරුද්දකට අතිරේක දින 1 බැගින් අතිරේක දින 76 මුළු අතිරේක දින ගණන 124 යි.

මේ මුළු අතිරේක දවස් ගණන ආපහු 7න් බෙදල ගත්තම ඉතිරි වෙන්නෙ 5 යි.

මේක පැටලෙන්න පුළුවන් එකම තැන තමයි 100 කියන්නෙ අධික අවුරුද්දක් ද නැද්ද කියල නිගමනය කරන්න බැරී වීම, 100 කියන්නෙ සාමාන්‍ය  අවුුරුද්දක්. ඒ 100 400න් බෙදෙන්නෙ නැති නිසා.

අවුරුදු 200කට අධික  අවුරුදු කීයද?


ක්‍රිස්තු වර්ෂ 1 ඉදන් 200 වෙනකම් කාලය ගැන හිතුවොත් අතිරේක දින තියෙන්නෙ 3 යි

එක කෙටි ක්‍රමයට හිතුවොත් අවුරුදු 100 ට 5 ඒ නිසා 200ට දහයයි. 10 න් බෙදුවම ඉතිරි තුනයි ඒ නිසා අතිරේක දින 3 යි කියල ගන්නත් පුළුවන්.

නැත්නම් දීර්ග ක්‍රමයට හිතුවොත් අවුරුදු 200 ඇතුලේ අධික අවුරුදු 48 යි සාමාන්‍ය   අවුරුදු ඉතුරු ටික ඒ කියන්නෙ 152ක්.  ඒ නිසා අතිරේක දවස් මුලු ගණන 248යි 248 7න් බෙදුවම ඉතිරි වෙන්නෙ 3 යි.


අවුරුදු 300කට අධික  අවුරුදු කීයද?


මේ විදියටම අවුරුදු 300 ක බැලුවොත් අතිරේක දවස්  1 යි. 

මුළු අතිරේක දින ගණන 372 (අධික අවුරුදු 72 සාමාන්‍ය අවුරුදු 228) මේ අගය 7 න් බෙදුවම ඉතිරි 1 යි.

කෙටි ක්‍රමයට අවුරුදු 100ට අතිරේක දවස් 5 නම් අවුරුදු 300ට අතිරේක දවස් මුළු ගණන 15 යි 7 න් බෙදුවම ඉතිරි 1 යි ඒ නිසා අතිරේක දවස් ගණන 1 යි.

අවුරුදු 400කට අධික  අවුරුදු කීයද?

මේ විදියටම අවුරුදු 400 ක බැලුවොත් අතිරේක දවස්  0 යි. 

මුළු අතිරේක දින ගණන 497 (අධික අවුරුදු 97 සාමාන්‍ය අවුරුදු 303) මේ අගය 7 න් බෙදුවම  ඉතිරි 0 යි. මතක තියාගන්න 400 කියන්නෙ අධික අවුරුද්දක් 100,200,300 අධික අවුරුදු නෙමෙයි.

කෙටි ක්‍රමයට අවුරුදු 100ට අතිරේක දවස් 5 නම් අවුරුදු 400ට අතිරේක දවස් මුළු ගණන 20 යි. 400 අධික අවුරුද්දක් නිසා මේකට තව එකක් එකතු කරලා 21 යි කියල තමයි ගන්නෙ. ඒක 7 න් බෙදුවම ඉතිරි 0 යි ඒ නිසා අතිරේක දවස් ගණන 0 යි.




Comments

Popular posts from this blog

අධික අවුරුද්දක් හඳුනාගැනීම

IQ Sinhala : මල්ලක තියන බෝල ගණන හරියටම කියමු