IQ Sinhala : මල්ලක තියන බෝල ගණන හරියටම කියමු
ගැටලුව මල්ලක තිබූ බෝල වලින් බෝල 12 ක් හැර ඉතිරිවා නිල් පාටය. බෝල 12 ක් හැර ඉතිරිවා කොල පාටය. බෝල 12ක් හැර ඉතිරිවා රතු පාටය. බෝල 12ක් හැර ඉතිරිවා කහ පාටය. මල්ලේ තිබුණේ බෝල වර්ග 4ක් පමණක් නම් මල්ලේ තිබූ මුළු බෝල ගණන කීයද? එක් පාටින් තිබූ බෝල ගණන කීයද? මේ වගේ ගැටලුවක් විසඳන ආකාරය අපි බලමු ගැටලුව විසඳීමේ පියවර පියවර 1 මේ මල්ලෙ තියෙන්නෙ බෝල වර්ග 4 යි. ඒ නිසා x = නිල් බෝල ගණන + කොල බෝල ගණන + රතු බෝල ගණන +කහ බෝල ගණන පියවර 2 නිල් කොල රතු කහ පාටවලින් තියන බෝල වර්ගවල එකතුව x කියල හිතුවොත් මේ විදියට සමීකරණ 4 ත් ගන්න පුළුවන් නිල් බෝල ගණන = x - 12 යි, ඒ කියන්නෙ මුළු බෝල ගණනින් 12 ක් අඩු කරාම නිල් බෝල ගණන ලැබෙනවා., කොල බෝල ගණන = x - 12 යි, මුළු බෝල ගණනින් 12 ක් අඩු කරාම කොල බෝල ගණන ලැබෙනවා, රතු බෝල ගණන = x - 12 යි, මුළු බෝල ගණනින් 12 ක් අඩු කරාම රතු බෝල ගණන ලැබෙනවා, කහ බෝල ගණන = x - 12 යි, මුළු බෝල ගණනින් 12 ක් අඩු කරාම කහ බෝල ගණන ලැබෙනවා පියවර 3 මේ සමීකරණ 4 ම එකතු කලාම නිල් බෝල ගණන + කොල බෝල ගණන + රතු බෝල ගණන...