අධික අවුරුද්දක් හඳුනාගැනීම
අධික අවුරුද්දක් හඳුනාගන්න හරිම ලේසියි. අධික අවුරුද්දක් කියන්නෙ කියන්නෙ සෑම අවුරුදු 4කටම වරක් එන අවුරුදු කියල ඒක එක කාරණාවක් විතරයි. සෑම අවුරුදු 4කටම සැරයක් හැම අවුරුද්දක්ම අධික අවුරුද්දක් නෙමෙයි උදාහරණයකට කිස්තු වර්ෂ 1900 කියන්නෙ අධික අවුරුද්දක් නෙමෙයි. අධික අවුරුද්දක් වෙන්න කාරණා දෙකක් සම්පූර්ණ විය යුුතුයි. 1. සෑම අවුරුදු 100 කට වරක් එන අවුරුදු ඒ කියන්නෙ කිස්තු වර්ෂ 100 ඉදල, 100,200,300 ආදි වශයෙන් එන අවුරුදු අධික අවුරුදු වෙන්නෙ 400න් බෙදුවම ඉතිරි නැතුව බෙදෙනව නම් විතරයි උදාහරණයක් ගත්තොත් කිස්තු වර්ෂ 1900 අධික අවුරුද්දක් නෙමෙයි. ක්රිස්තු වර්ෂ 2100ත් අධික අවුරුද්දක් නෙමෙයි. මේ විදියට මෙතෙක් අධික අවුරුද්දක් වුනේ ක්රිස්තු වර්ෂ 400,800,1200,1600,2000 කියන අවුරුදු 5 විතරයි. ඉතුරු හැම අවුරුද්දක්ම අධීක අවුරුද්දක් වුනේ නැහැ. ඊලග මේ වගේ අධික අවුරුද්ද කිස්තු වර්ෂ 2400 තමයි. 2. අනික් කාරණාව තමයි ඉහත වගේ 100 ගුණාකාර වන අවුරුදු හැරුණම තියන අනික් අවුරුදු මේ හැම එකක්ම 4 න් ඉතිරිනැතුව බෙදෙනව නම් තමයි අධික අවුරුද්දක් වෙන්නෙ. මේ හැම අධික අවුරුද්දක ම විශේෂත්වය තමයි පෙබරවාරි මාසෙ අගට නව දිනයක් එකතු...
Comments
Post a Comment